Gossips

විපක්ෂයේ නායකයන් ජනපති හමුවෙයි

කතානායකවරයා, විපක්ෂයේ පක්ෂ නායකයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වුණා.
ඊට එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් නියෝජිතයින් එක් වූ බවයි වාර්තා වන්නේ.
මෙහිදී මැතිවරණයක් පැවැත්වීමට ඇති හැකියාව සහ තවත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සාකච්ඡාවට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.