ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන පුළුල් සන්ධානය ඉදිරි මාසය ඇතුළත එළිදැක්වීමට නියමිතයි.
නව සන්ධානය පිහිටුවීමට අදාළ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය එකඟතාවන් ඇති කර ගැනීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ද ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කෙරෙනු ඇති.
නව සන්ධානයේ ආකෘතිය සහ තනතුරු ආදිය එම වාර්තාවට අනුව තීරණය කෙරෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියා.