Gossips

විපක්ෂයේ අසුන් ඉල්ලා ආණ්ඩුවෙන් ගිය 16, පාර්ලිමේන්තු මහලේකම්ට ලිපියක් භාර දෙයි

ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් පනවන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (27) ලිිපියක් භාර දුන්නා.
ඒ අනුව, ලබන 8 වනදා ආරම්භ වන පාර්ලිමේන්තු සැසියේ සිට විපක්ෂයේ අසුන් ගෙන කටයුතු කරන බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න කියා සිටියේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම ලිපිය භාරදීමේ අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.