Gossips

විපක්ෂයට ගිය ක්‍රමවේදය නිවැරදියි – දහසයේ කණ්ඩායම කියයි

තමන් ඇතුලු ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) විපක්ෂයේ අසුන් ගැනීම සිදුකරනු ලැබුවේ නියමිත ක්‍රමවේදයට අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින්.
එහෙත් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සභා ගර්භයේ සෙංකෝලය තැන්පත් කිරීමට පෙර අදාළ මන්ත්‍රිවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් ගත් බවයි.