Gossips

විපක්ෂනායකවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක් ?

විපක්ෂනායකවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවොත් ඊට එරෙහිව ඡන්දය භාවිත කරන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් පිරිසක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින්.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේදී විපක්ෂනායකවරයා ඊට සහය නොදීම හේතුවෙන් විපක්ෂනායකවරයා පිළිබඳව විශ්වාසයක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කර තිබුණා.