සිදුවන කෙනෙහිලිකම් හේතුවෙන් තමන් මළල ක්රීඩාවට සමුදීමට තීරණය කර ඇති බව මීටර් 200 ඉසව්වේ ශ්රී ලංකාව වාර්තාවට හිමිකම් කියන විනෝජ් සුරංජය ද සිල්වා ප්රකාශ කළා.
පසුගිය දා නිමාවට පත්වූ ජාතික මහා ක්රීඩා උළෙලේදී මීටර් 100, 200 සහ මීටර් 100 x 4 යන ඉසව් වලදී රන් පදක්කම් දිනා ගැනීමට ද ඔහු සමත් වුණා.
කෙසේ වෙතත්, විනෝජ් සුරංජය ද සිල්වා හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ මෙරට මළල ක්රීඩා බලධාරීන්ගෙන් නිසි ඇගයීමක් නොලැබෙන හෙයින් ඉදිරියේදී තමන් විදේශගතවීමට තීරණය කර ඇති බවයි.
