දකුණු අප්රිකාවේ වර්ණභේද විරෝධී ක්රියාකාරිණියක වූ එරට ප්රථම කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ වෙන් වූ බිරිඳ විනී මැන්ඩෙලා වයස අවුරුදු 81ක්ව සිටියදී ඊයේ (02) අභාවප්රාප්ත වුණා.
සිය සැමියා වූ නෙල්සන් මැන්ඩෙලා සමඟ විනී මැන්ඩෙලා ද දශක 03කට අධික වර්ණභේද විරෝධී අරගලයේදී සිරගත වී තිබෙනවා.
සමාජ සේවිකාවක ලෙස කටයුතු කරමින් සිටියදී 1950 දශකයේදී සිය අනාගත සැමියා වූ නෙල්සන් මැන්ඩෙලා හමුවූ විනී, පසුව ඔහු සමඟ වසර 38ක විවාහ දිවියක් ගත කළා.
කෙසේ නමුත්, ඉන් වසර 30ක් පමණ නෙල්සන් මැන්ඩෙලා වර්ණභේදවාදී සුදු පාලකයන් විසින් සිරගත කොට තිබුණා.
1990 වසරේ බන්ධනාගාරයෙන් නිදහස ලැබූ නෙල්සන් මැන්ඩෙලා සමඟ විනී මැන්ඩෙලා යළි වර්ණභේද විරෝධී සටනට එක්වුණා.
කෙසේ නමුත්, 1996 වසරේදී ඇය, නෙල්සන් මැන්ඩෙලාගෙන් දික්කසාද වූ අතර තවදුරටත් දේශපාලන කටයුතුවල නිරත වී සිටියා.