Gossips

විනාශකාරි ෆ්ලෝරන්ස් ඇමරිකාව අභියස

විනාශකාරි ෆ්ලෝරන්ස් සුළි සුළග අද දිනයේදී ඇමරිකාවේ කැරොලයිනා වෙරළ තීරයට ළගා වනු ඇති බව එරට කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළා.
සුළි සුළගට පෙර උතුරු කැරොලයිනා, දකුණු කැරොලයිනා සහ වර්ජිනියා ප්‍රාන්තවල මිලියන 1 යි දශම 7 ඉක්මවූ ජනකොටසක් ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා.
සුළි සුළග ආසන්නවත්ම එහි බලපෑම මෙම ප්‍රදේශවලට දැනටමත් ඇති වී තිබෙන බව සදහන්.
විදුලිය බිද වැටීම් 11,000 ක් පමණ වාර්තා වී ඇති අතර, සුළි සුළග සමග උස් රළ සහ ජල ගැලීම් අපේක්ෂා කළ හැකි බව කාලගුණ අංශ අනතුරු අගවා තිබෙනවා.
ෆ්ලෝරන්ස් සුළි සුළගේ මධ්‍යය පැයට කිලෝමීටර් 250 ක් පමණ වුවත්, සුළං වේගය පැයට කිලෝමීටර් 165 දක්වා අඩුවී ඇති බව ඇමරිකානු ජාතික සුළි සුළං මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
කෙසේ නමුත්, එමගින් සුළි සුළගින් විය හැකි හානිය අඩු නොවන බවටයි ඔවුන් අනතුරු ඇගවූයේ.
සුළං වේගය අඩුවුව ද එය පැතිරෙන ප්‍රදේශය පුළුල් වී ඇති බවත්, වෙරළාසන්නව අඩි 13 දක්වා ජල ගැලීම් ඇතිවිය හැකි බවත්, එමගින් වැඩිදුරටත් සදහන් කළා.
මේ නිසා ෆ්ලෝරන්ස් සුළි සුළගින් ඇමරිකානු නැගෙනහිර වෙරළාසන්නව ජීවිත හානි රැසක් සිදුවිය හැකි බව ඇමරිකානු බලධාරින් කියා සිටියා.