Gossips

විනාශකාරි විලෝපිකයන් 32 ක් ඕස්ට්‍රේලියාවේ සිට ගුවනින් කටුනායකට

ඕස්ට්‍රේලියාවේ සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ සැලමැන්ඩර් නමින් හඳුන්වන උභය ජීවි කොට්ඨාශයට අයත් සතුන් 32 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල රේගුවේ රඳවාගෙන ඇති අතර, එම සත්ත්වයන් ආපසු හරවා යැවීමට කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
භාවිත කළ පරිගණකයක් ලෙස සඳහන් කරමින් මෙම සත්ත්වයන් අසුරණ 4 ක බහා කුරියර් සේවාවක් මගින් ඕස්ට්‍රේලියාවේ සිට සිංගප්පුරුව හරහා කටුනායක ගුවන්තොටුපල වෙත එවා තිබූ බව සඳහන්.
සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පෙරේදා රාත්‍රියේ රැගෙනවිත් ඇති මෙම සතුන් ඇතුළත් පාර්සලය කළුතර ලිපිනයකට යොමුකර තිබූ නමුත්, එය ව්‍යාජ ලිපිනයක් බවයි පසුව අනාවරණ වී ඇත්තේ.
මෙම සත්ත්ව විශේෂය ශ්‍රී ලංකාවට ආක්‍රමණශිලී පරපෝෂිතයින් විශේෂයක් ද යන්න සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධනගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ මෙම සත්ත්ව විශේෂය ශ්‍රී ලංකාවේ දක්නට නොලැබෙන අතර, එමගින් පරිසර පද්ධතියට බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බවයි.
මෙම සතුන් විශේෂය ආනයනය කිරීම හරහා සත්ත්ව ආඥා පනත සහ පරිසර ආඥා පනත ද උල්ලංඝනය වී ඇති බවයි ඔහු කියා සිටියේ.