Gossips

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඔස්සේ අලුත් පරිඝනක වෛරසයක්

පරිගණක ආශ්‍රිතව මේ දිනවල පැතිර යන වෛරසයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
‘‘රම්බා’’ නමින් හඳුන්වන මෙම වෛරසය, අන්තර්ජාලය ඔස්සේ නොමිලේ සිදුකෙරෙන බාගත කිරීම් හරහා පරිගණක වෙත ඇතුළු වන බවයි එහි තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිදු මීගස්මුල්ල සඳහන් කළේ.
වින්ඩෝස් 7 / 8.1 සහ 10 වැනි මෙහෙයුම් පද්ධතිවලට මෙමගින් බාධා එල්ලවන බවයි එහි තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.
එමෙන්ම, විද්‍යුත් තැපෑල හරහා ද ‘‘රම්බා’’ වෛසරය ඇතුළු විය හැකි අතර, එවැනි සිදුවීමක් වුවහොත් කඩිනමින් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට දැනුම් දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ.
මේ හේතුවෙන් පරිඝනකයේ ගබඩාකර ඇති අත්‍යවශ්‍ය දත්ත පරිඝනකයෙන් බැහැරව ගබඩ කර තබා ගන්නා ලෙසටයි වෙනත් ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ.
කෙසේවෙතත් ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීනව තැබීමෙන් මෙම වෛරසයේ බලපෑම එල්ලනොවන බවයි.