Gossips

විනය කැඩූ ධනුෂ්ක ගුණතිලකට තරඟ 06 ක් තහනම්

ක්‍රීඩකයන්ගේ ආචාර ධර්ම පද්ධතිය සහ කොන්ත්‍රාත්තුවේ වගකීම් උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක්‍රිකට් තරග 6 ක තහනමක් පනවා තිබෙනවා.
මෙයින් තරග 3 ක් තහනම් කර ඇත්තේ දකුණු අප්‍රිකාව සමඟ දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙන කාලසීමාවේදී නියමිත වේලාව ඉක්මවා හෝටල් කාමරයට පැමිණීමේ සිද්ධිය පදනම් කර ගනිමින්.
මීට පෙර අවස්ථාවක විනය නීති උල්ලංඝනය කිරීම් හේතුවෙන් පැනවුණු වසරක අත්හිටවූ තහනම මත තවත් තරග 3 ක් ඔහුට තහනම් වනවා.
එමෙන්ම, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර, පැවති දෙවන ටෙස්ට් තරගය සදහා ඔහුට තරග ගාස්තු, ප්‍රසාද දීමනා හෝ වෙනත් කිසිදු දීමනාවක් ලබා නොදීමට ද තීරණය කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.