Gossips

විධායක වෘත්තිය ක්‍රියාමාර්ගය අටට අවසන්

සිය ගැටළුවලට ස්ථිර විසඳුමක් නොලැබුණහොත් ඉදිරි සතියේ සිට අඛන්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට ඊයේ (27) රැස්වූ රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබෙනවා.
එහි සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි කියා සිටියේ ඊයේ (27) උදෑසන ආරම්භ කළ වර්ජනය අද (28) උදෑසන 8 ට අවසන් කරන බවයි.
ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළේ නීති නිලධාරීන්ට පමණක් වැටුප් හා දීමනා වැඩි කිරීමත් සමඟ තමන්ට අසාධාරණයක් සිදුවූ බව පවසමින්.
වර්ජනය සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය, දේශීය ආදායම් වෘත්තීය සමිති එකමුතුව, සමස්ත ලංකා ගුරු අධ්‍යාපන සේවා සංගමය ඇතුළු රජයේ සේවයේ විධායක නිලධාරීන් ඇතුළත් වෘත්තීය සමිති 15 ක් එක්ව සිටියා.