Gossips

විධායක නිලධාරීන්ගෙන් ආණ්ඩුවට සතියක්

ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් ආණ්ඩුව කටයුතු කර ඇති බව පවසමින් එළඹෙන සතියෙන් අනතුරුව වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට රජයේ විධායක නිලධාරීන්ගේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
එම කමිටුවේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
පසුගිය 27 වනදා ද මොවුන් සංකේත වර්ජනයක නිරත වූ අතර මේ නිසා අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල කටයුතු අඩපණ වී තිබුණා.
මේ අතර වැටුප් විෂමතා ගැටළුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ගුරු – විදුහල්පති සන්ධානයද අනිද්දා දීපව්‍යාප්ත වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.