රටේ දේශපාලන සංස්කෘතිය විනාශ කල විධායක ජනාධිපති ධූරය වහාම අහෝසි කල යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
විධායක ජනාධිපති ධූරය අහෝසි කරන ලෙස බලකරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද පස්වරුවේ පැවති විරෝධතාවයකදී ඔවුන් මෙම අදහස් පලකළා.
ජනතා විමුක්ති පෙරමුණ, වමේ කේන්ද්‍රය හා සිවිල් සංවිධාන රැසක සහභාගීත්වයෙන් ජනවරමට හිසනමනු විධායක ජනාධිපති ධූරය අහෝසි කරනු යන මැයෙන් විරෝධතාවයක් පැවැත්වුණා.