විධායක ජනාධිපති ක්‍රමය අහෝසිවීම තුළින් තනි බලයක් අග්‍රාමාත්‍යවරයාට පැවරෙන බැවින් ඊට විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.
සමාජවාදී ජනතා පෙරමුණ අද (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
වාසුදේව නානායක්කාර – ප්‍රධාන ලේකම් ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ
– මේ බලපොරේදී අපිට රනිල් වික්‍රමසිංහගේ පැත්තේ ඉඳගෙන ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතුවෙලා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩේට දායක වෙන්න අපිට පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් මේ රටේ තනි බලයක් රනිල් වික්‍රමසිංහ අතට යනවා. පසුගිය දවස්වල සිරිසේනත්, රනිල් වික්රමසිංහත් අතර බලපොරයක් තිබුණා. මේ සිරිසේන – රනිල් වික්‍රමසිංහ බලපොරයේ රනිල්ගේ පැත්තට අපි වැටෙන්න සූදානමකුත් නැහැ. අපේ ඒකාබද්ධ විපක්ෂය බෙදෙන්න අරින්නත් බැහැ. අපි මේ යෝජනාවට විරුද්ධ විය යුතුයි කියන අදහස මගේ තියෙනවා.