Gossips

විධායක ජනපති ක්‍රමය ගැන අවසන් තීන්දුවක් නැහැ – හිටපු ජනපති

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවකට සහය පළ කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
පොළොන්නරුව – මැදිරිගිරිය ප්‍රදේශයේ ඊයේ පැවැති ආගමික උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.