Gossips

විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් බව පවසමින් වංචාවල නිරතවූ යුවළක් අත්අඩංගුවට

විදේශ නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් බව හඟවමින් ව්‍යාජ රංගනයක යෙදුණු තරුණ යුවළක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලබන 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ගලේවෙල ප්‍රදේශයේ සිටියදී පොලීසියට ලද තොරතුරක් අනුවයි ඊයේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් ප්‍රදේශ කිහිපයකට ගොස් තමන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් බවට හඟවා ඇතැම් පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර ඇත්තේ විදෙස්ගත කරන බව පවසමින්.