මෙරට විදේශ සංචිතය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 736කින් වර්ධනය වී තිබෙනවා.
ඒ අනුව ඔක්තෝම්බර් මස අවසානයේ මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 7.9ක් ලෙස සටහන් වුණා.
චීනයෙන් ලැබුණු ඩොලර් බිලියනයක ණය මුදල මෙලෙස සංචිතය ඉහළ යාමට හේතුවයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී විදේශ සංචිතය ඩොලර් බිලියන 7.1 දක්වා පහත වැටුණා.
