Gossips

විදේශ සංචිත ඉහළට

මෙරට විදේශ සංචිත ප්‍රමාණය ජනවාරි මාසය අවසානයේ ඇමරිකානු ඩොලර් බිලියන 7 යි දශම 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ නමුත්, ජනවාරි මාසය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට දශම 9 කින් පහත වැටුණා.
ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය කැපී පෙනෙන ලෙස පහත වැටුණු අතර, 2018 වසර සඳහා ස්ථාවර උද්ධමනයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
පොලී අනුපාත තවදුරටත් ස්ථාවරව පවත්වා ගැනීම සඳහා එම දත්ත උපයෝගි කර ගත් බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.
මේ අනුව, මහබැංකුව වානිජ බැංකු සමඟ ගණුදෙනු කරන ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය සියයට 7 යි දශම 2 යි 5 ක් ලෙසත් ස්ථාවර නිකුතු පහසුකම් අනුපාතය සියයට 8 යි දශම 7 යි 5 ක් ලෙසත් නොවෙනස්ව පවතිනු ඇති.