Gossips

විදේශ සංචිතය ඩොලර් බිලියන 1.4 කින් පහත වැටේ

මෙරට විදේශ සංචිතය පසුගිය සැප්තැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.4 කින් පහත වැටී තිබෙනවා.
ඒ අනුව සැප්තැම්බර් මාසය අවසානයේ මෙරට විදේශ සංචිතය සටහන් වන්නේ ඩොලර් බිලියන 7.18 ක් ලෙසයි.
අගෝස්තු මාසයේදී විදේශ සංචිතය ඩොලර් බිලියන 8.58 ක් ලෙස පැවතුණා.
රුපියල රැකගැනීම සඳහා මහ බැංකුව ඩොලර් මිලියන 731ක් වැය කර ඇති අතර, සැප්තැම්බර් මාසය තුළ එම මැදිහත්වීම ඩොලර් මිලියන 644 ක් බව සඳහන්.
රුපියලේ අගය සැප්තැම්බර් මාසය තුළ සියයට 4.7 කින් පහත වැටුණු අතර, වසරේ මේ දක්වා සියයට 10.69 කින් පහත වැටී තිබෙනවා.
කොළඹ – කොටස් වෙළඳපොලේ මිල දර්ශකද සැප්තැම්බරයේදී සියයට 3.6 කින් පහත වැටුණා.
වසර තුළ එහි අපගමනය සියයට 8.2 ක්.
විදේශීය ආයෝජකයන් මෙරට රජයේ සුරැකුම්පත් විකිණීමද දැන් දක්නට ලැබෙන ප්‍රවණතාවක්.
ඇමරිකානු මධ්‍යම සංචිතයේ පොලී අනුපාත ඉහළ නැංවීම ඊට එක් හේතුවක්.
පසුගිය සතියේදී පමණක් එලෙස ඔවුන් රුපියල් බිලියන 1.8 ක සුරැකුම්පත් අලෙවි කර ඇති අතර, වසර තුළ මේ දක්වා ආයෝජනවල ශුද්ධ පිටත ගලනය රුපියල් බිලියන 74.2 ක් බවයි තැරැව්කරුවන් පෙන්වා දෙන්නේ.