මෙරට විදෙස් සංචිත මාර්තු මාසය අවසාන වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 7 යි දශම 6 දක්වා, වර්ධනය වී තිබෙනවා.
පෙබරවාරි මාසය අවසානයේ විදේශ සංචිතය පැවතුනේ ඩොලර් බිලියන 6 යි දශම බින්දුවයි 3 ක් ලෙසයි.
ඒ අනුව, මාර්තු මාසය තුළ විදේශ සංචිතය ඩොලර් බිලියන 1 යි දශම 5 යි 8 කින් ඉහළ යාම විශේෂත්වයක්.
මෙම සංචිතයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු අරමුදල් ද ඇතුළත්.
