Gossips

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සීදුවේදී අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සීදුවේදී අත්අඩංගුවට
සීදුව – ලියනගේමුල්ල ප්‍රදේශයේදී පිස්තෝලයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තමන්ට සිය නිවසේදී පිස්තෝලයක් පෙන්වා මරණ තර්ජන සිදුකළ බවට එම ප්‍රදේශයේ පුද්ගලයෙකු සිදුකළ පැමිණිල්ලකට අනුවයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔවුන් සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ උණ්ඩ 19ක් පොලිස් භාරයට ගනු ලැබුවා.
සැකකරුවන් 32 සහ 35 හැවිරිදි ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
පිස්තෝලය පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධිය මුදල් ආරවුලක් මත සිදුව ඇති බවයි පොලීසිය සිදුකළ විමර්ශනයකදී අනාවරණ වී ඇත්තේ.