Gossips

විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු බුලත්සිංහල – උඩුගල කන්ද – දෙල්මෑල්ල ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 43ක් වන ගවරගිරිය – අයගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.