Gossips

විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු පුත්තලමේදී අත්අඩංගුවට

පුත්තලම – මන්ගුන්ඩුව ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 29 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ ඔහු, පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීම සහ ගිනි අවි පෙන්වා තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි.