විදේශ මුදල් තොගයක් සමග කටුනායක ගුවන්තොටුපල තීරු බදු රහිත සාප්පු සංකීර්ණ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු රුපියල් ලක්ෂ 41 ක් වටිනා සෞදි රියාල් 500 නෝට්ටු 200 ක් පාවහල් තුල සගවාගෙන සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මීගමුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සැකකරු මෙම මුදල් සගවාගෙන සිට ඇත්තේ වෙනත් අයෙකුට ලබාදී ඒවා රටින් පිට කිරීමට බව හෙළිවී තිබෙනවා.
ගුවන්තොටුපල රේගුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.
ඡායාරූප – කටුනායක ටී කේ ජී කපිල
