රුපියල් එක්කෝටි තුන්ලක්ෂ අසූ පන්දහසක් වටිනා විදේශ මුදල් තොගයක් තායිලන්තයේ බැංකොක් බලා රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු බැංකොක් නුවර ව්‍යාපාර කටයුතුවල නිරත 50 හැවිරිදි අයෙකු බව සඳහන්.
කැසිනෝ ක්‍රීඩාවේ යෙදීම සඳහා මෙරටට පැමිණි සැකකරුගේ ගමන් මල්ලේ තිබී ඇමරිකානු ඩොලර් 67,000 ක පමණ මුදලක් මෙලෙස සොයාගෙන ඇති අතර, ඒවා රේගු භාරයට ගෙන තිබෙනවා.