රුපියල් එක්කෝටි 53 ලක්ෂ හාරදහස් අසූපහක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී අන්දමින් සිංගප්පූරුව වෙත රැගෙන යාමට උත්සාහ කළ සිංගප්පූරු ජාතික ඉංජිනේරුවෙකු ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 306 දරණ ගුවන් යානයෙන් 43 හැවිරිදි මෙම පුද්ගලයා සිංගප්පූරුව බලා යාමට පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.
ඔහුගේ ගමන් මල්ලේ තිබී යුරෝ 50,000ක් සහ බෲනායි ඩොලර් 50,000ක් රේගු නිලධාරීන් විසින් සොයාගත්තා.
සැකකරු පසුගිය සිකුරාදා දිවයිනට පැමිණ ඇති බවයි රේගු නිලධාරීන් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
