විදේශයන්ගෙන් මෙරටට ලැබෙන ආධාර පිලිබඳව කිසිදු ගැටලූවක් උද්ගත වී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළා.
ඒ, අද පෙරවරුවේ සිය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා ද එක්ව සිටියා.
මේ අතර, ජාත්‍යන්තර වෙළඳ සහ අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස පසුගියදා දිවුරුම් දුන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන එම අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ වැඩ භාරගත්තා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම ඇතුලූ වෙනත් රටවල් සමග අත්සන් කර ඇති ගිවිසුම් පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කිරිමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වු ලක්ෂමන් වසන්ත පෙරේරා ද අද පෙරවරුවේ වැඩභාර ගත්තා.
මේ අතර, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය එස්.බී.දිසානායක අද එම ධූරයේ වැඩ භාරගත්තේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදීයි.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පලාත් සභා මැතිවරණය කල් දැමීම සිදුකරනු ලැබුවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාව මත බවයි.
හැකි ඉක්මණින් එම මැතිවරණය පැරණි ක්‍රමවේදයට පැවැත්විමට රජය බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා දිවුරුම් දුන් චමල් රාජපක්ෂද අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කලා.
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අධිකරණ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අධිකරණ අමාත්‍යාශයේ උපරිමාධිකරණ සංකිර්ණයේදි අද සිය වැඩ භාරගත්තා.