Gossips

විදේශ කටයුතු ඇමතිගෙන් ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රිකයින් වෙත ඉල්ලීමක්

මහජන රාජතාන්ත්‍රිකභාවය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින් විදේශ රටවලදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රික නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළා.
බුදු දහම, මැණික්, තේ සහ කුළු බඩු විශිෂ්ඨ තත්ත්වයේ අපනයන නිෂ්පාදන සහ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාර වැනි මෙරටට ආවේනික සන්නාම භාවිත කරමින් මෙරට ප්‍රතිරූපය වර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ මහජන රාජතාන්ත්‍රික භාවය හා ජනමාධ්‍ය සබඳතා පිළිබඳ පුහුණු වැඩසටහනේ සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකාව පිළිබඳ ඇති වැරදි අවබෝධයන් වෙනස් කිරීමද නව්‍යතාවයෙන් යුතුව සිතා කටයුතු කළයුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ඉදිරි විසි වසර තුළ මහජන රාජතාන්ත්‍රික කටයුතු පිළිබඳ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කුසලතාවලින් ශ්‍රී ලංකා විදේශ සේවයේ කණ්ඩායම් සන්නද්ධ කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරන බවද තිලක් මාරපන අමාත්‍යවරයා මෙහිදී වැඩිිදුරටත් කියා සිටියා.