Gossips

විදේශ ආයෝජකයන් විශ්වාසයෙන් බව මහ බැංකුව කියයි

විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය සහ ඉදිරි ගමන පිලිබඳ විශ්වාසය තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ශ්‍රී ලංකාව පිළිබඳව ඔවුන් තුළ ඇති ධනාත්මක හැඟීම මත ඔවුන් සතු මුදල් ශ්‍රී ලංකාවට ගලාඒමට සළස්වා ඇතැයි ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන්.
එමෙන්ම ශ්‍රී ලංකාව මෑතකදී නිකුත්කළ ඩොලර් බිලියන 2.5 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවෙන් පසු නිල සංචිත ඩොලර් බිලියන 9.9 දක්වා වැඩිවී ඇති බවද මහ බැංකුව ප්‍රකාශ කළා.