Gossips

විදේශීය මුදල් තොගයක් සමඟ පුද්ගලයෙක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් එක්කෝටි නව ලක්ෂ 17,496ක් වටිනා විදේශ මුදල් තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේදී අද අලූයම රේගු භාරයට ගැනුණා.
මීගමුවේ පදිංචි 58 හැවිරිදි මෙම පුද්ගලයා ගුවන් තොටුපළට පැමිණ ඇත්තේ අද අලූයම 3.30ට පිටත්වීමට නියමිතව තිබූ එස්. කිව් 469 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා නික්මීමටයි.
ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ඔහු ළඟ තිබී ඇමරිකානු ඩොලර්, සිංගප්පූරු ඩොලර් සහ යුරෝ මුදල් නෝට්ටු සොයා ගත් බව සඳහන්.
වැඩිදුර රේගු පරීක්ෂණ ක්‍රියාත්මකයි.