Gossips

විදේශීය මැදිහත්වීමකට ඉඩ නොතැබිය යුතුයි – ඇල්ලේ ගුණවංශ හිමි

විදේශීය මැදිහත්වීමකට ඉඩ නොතබා සියළු පක්ෂ එක්ව පවතින දේශපාලන අර්බුදයට විසදුම් සෙවිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ මරදාන – ශ්‍රී ලංකා මහපිරිවෙන් විහාරස්ථානයේ අද (02) පැවති උත්සවයකට එක්වෙමින්.
එහිදී උන්වහන්සේ ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථාව සම්මත කිරීම තුළින් රට තුළට විදේශීය මැදිහත්වීම් ගෙන ඒමට පසුගිය රජය කටයුතු කිරීමට උත්සාහ කළ බවයි.