විදේශීය මත්පැන් බෝතල් 12ක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී ගුවන්තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (06) අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා 21 හැවිරිදි ඉන්දීය ජාතික තරුණයෙක් බවයි වාර්තා වන්නේ.
සැකකරු මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් විසි දෙදහසක දඩ මුදලක් මත මුදා හැර තිබෙනවා.
