Gossips

විදේශීය දුම්වැටි තොගයක් සමඟ තුන්දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් ලක්ෂ 24 කට අධික වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල සහ මාළිගාවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්.
අද (26) උදෑසන සාජා සිට මෙරටට පැමිණ මොවුන්ගේ ගමන් මළුවල තිබී දුම්වැටි කාටුන් 249 ක් සොයාගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 17ත් 31ත් අතර වයස්වල පසුවන්නන්.

ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී.කපිල