Gossips

විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස විදේශීය දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇයගේ ගමන් මල්ලේ සඟවාගෙන මෙම දුම්වැටි තොගය ගෙනවිත් ඇත්තේ ඩුබායි සිටයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකය විසින් අද උදෑසන අත්අඩංගුවට ගත් 49 හැවිරිදි මෙම කාන්තාව මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
අත්අඩංගුවට ගත් කාන්තාව ලග තිබී දුම්වැටි කාටුන් 99ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් 9 ලක්ෂ 90,000 ක්.