Gossips

විදේශීය දුම්වැටි තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට විදේශීය දුම්වැටි තොගයක් රැගෙන ආ තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා මෙම දුම්වැටි තොගය සමඟ අත්අඩංගුවට ගත් 28 වන වියේ පසුවන මෙම සැකකරු මීගමුව ප්‍රදේශයේ තරුණයෙකු බවයි පොලීසිය කියා සිටියේ.
මොහු අද (25) අලුයම ඩුබායි හි සිට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යානයකින් මෙරටට පැමිණ තිබෙනවා.
අදාළ දුම්වැටි තොගය සැකකරුගේ ගමන් මල්ලේ සඟවා තිබූ බවයි රේගු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.