මාතර – ගන්දර ප්‍රදේශයේදී නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව සිදුකළ දැනුම්දීමකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී ඔහු සතුව තිබී දුම්වැටි පැකට් 50 ක් සොයා ගෙන ඇති බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකරු මාතර – දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක් වන අතර ඔහු වැඩිදුර විමර්ශන සදහා ගන්දර පොලීසියට භාර දී තිබෙනවා.
