Gossips

විදේශිකයන් හුවා දක්වන භේද රට තුළ නොමැති බව කාදිනල් හිමිපාණන් කියයි

ජාති, ආගම් භේදයක් ඇති බව පෙන්වීමට විදේශිකයන් උත්සාහ කළ ද රට තුළ එවැනි තත්ත්වයක් නොමැති බව අගදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඉන්දීය ලේඛක ශකීල් සිද්ධකී විසින් රචිත ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ චරිතප්‍රදානය ඇතුළත් අංජලීකරණීයෝ ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට අද කොළඹ දී එක්වෙමින්.