Gossips

විදේශිකයන් හමුවේ රටේ ගෞරවය හෑල්ලුවට ලක්වෙන ක්‍රිකට් ප්‍රවේශපත්‍ර ජාවාරම

ගාල්ල ක්‍රීඩාංගනයේ ඊයේ අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දින 5 සඳහාම නිකුත් කළ සියලු ප්‍රවේශපත්‍ර විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගය ආරම්භ වූ දිනයේදී ම නිවේදනය කළා.
කෙසේ වෙතත් තරගය පැවති දින කිහිපයේදීම විදේශිකයන්ට වැඩි මිලට ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක් ගාලු ක්‍රීඩාංගනය අවට ක්‍රියාත්මක වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරගාවලියට අදාළ නිලධාරීන් සඳහා නිකුත් කරන හැඳුනුම්පත් පවා පැළඳි පුද්ගලයන් මෙම ජාවාරමට සම්බන්ධවී සිවීම හරහා පෙනී යන්නේ එළිපිටම නීති කඩ කිරීමට කිසිදු දඬුවමක් නොලැබෙන බව ඔවුන් විශ්වාස කරන බව නොවේද.?
විදේශිකයන් හමුවේ රටේ ගෞරවයද හෑල්ලුවට ලක් කරන මෙවැනි කූඨ ජාවාරම් පිලිබඳ ක්‍රීඩා අමාත්‍යවරයාගේ හෝ අවධානය යොමු වන්නේ කවදාද.?