Gossips

විදේශිකයන් මෙරට පදිංචි කර නොමැති බව රජය නිවේදනය කරයි

දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදේශිකයන් හෝ විදේශීය පවුල් පදිංචි කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුර පළාත් සභාවේ දේශපාලන බලධාරීන් එම පළාතට අයත් ගම්මානයක ඉන්දියානු පවුල් 250ක් පදිංචි කර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා පදනම් විරහිත බවයි.
කෙසේ වෙතත්, ගැටුම් පැවති සමයේදී ඉන්දියාවට පළා ගිය ශ්‍රී ලාංකිකයින් 10,675 දෙනෙකු 2009 වර්ෂයේදී නැවත මෙරටට පැමිණ තිබෙනවා.