මිරිස්ස වෙරළ තීරයේදී විදෙස් සංචාරකයින් පිරිසකට පහරදුන් පුද්ගලයින් 4 දෙනෙකු සැකපිට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 8 වනදා අලූයම වෙරළ සාදයක් අතරතුර මෙම ගැටුම ඇතිව ඇති අතර, පසුව මෙම විදේශිකයින් එම ප්රදේශයෙන් පිටත්ව ගොස් තිබුණා.
කෙසේ වෙතත්, කිසියම් පුද්ගලයෙකු පොලීසියට ලබාදුන් තොරතුරකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කෙරුණු අතර, අනතුරුවයි සැකකරුවන් පොලිස් භාරයට ගෙන ඇත්තේ.
මිරිස්ස ප්රදේශයේම පදිංචි මොවුන් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.