Gossips

විදේශිකයන්ට අලෙවි කරන මත්ද්‍රව්‍ය නිෂ්පාදන මධ්‍යස්ථානයක් වටලයි

විදේශිකයින් ඉලක්ක කර ගනිමින් හෑෂ් නම් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයක් වැටලීමට පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අද පියවර ගත්තා.
අදාළ මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබුණේ හික්කඩුව කේන්ද්‍ර කර ගනිමින්.
හෑෂ් නම් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ මෙම මධ්‍යස්ථානය පිළිබඳ ලැබුණු තොරතුරු අනුව පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් උපාය දූතයන් මාර්ගයෙන් තවත් දත්ත එක්රැස් කරනු ලැබුවේ දින කිහිපයක සිටයි.
ඒ අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත අද පස්වරුවේ ඔවුන් හික්කඩුවේ පිහිටි මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය වැටලූ අතර, එහිදී අනාවරණ වූයේ හෑෂ් නිෂ්පාදනයේදී මදුරු දඟර සහ කේරල ගංජාද මිශ්‍ර කරන බවයි.