Gossips

විදේශයක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

කළුතර කලමුල්ල ප්‍රදේශයේ සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී බලපත්‍ර නොමැතිව විදේශයක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අද (03) මතුගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු 33 හවිරිදී කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මිට පෙරද අවස්ථා කිහිපයකදී සැකකරු ගිනි අවි සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.