Gossips

විදේශයක නිශ්පාදිත ගිනි අවියක් සග පුද්ගලයෙකු අත්අඩංගුවට

හිඟුරක්ගොඩ යටියල්පතාන ප්‍රදේශයේදී විදේශයක නිශ්පාදිත කුඩා ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලැබුනු තොරතුරකට අනුව කළ වැටලීමකදී අදාළ පුද්ගලයාගේ නිවසේ අල්මාරියක සගවා තිබියදී ගිනි අවිය සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඉතාලියේ සිටින තම සහෝදරයාගෙන් ත්‍යාගයක් වශයෙන් මෙම ගිනි අවිය ලැබුනු බව සැකකරු ප්‍රකාශකර තිබෙනවා.
මෙම පුද්ගලයා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.