විදේශීය රටක නිශ්පාදිත ගිනි අවියක් සමග හොරණ පොකුණුවිට ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයට ලැබුනු තොරතුරකට අනුව අද උදෑසන නීති විරෝධී මත්පැන් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුනා.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ගිනි අවිය සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.
පෑනක හැඩයකින් යුත් මෙම ගිනි අවියට අමතරව ඊට යොදා තිබු හිස් පතොරම් කොපුවක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 5 ක් සහ තියුණු ආයුධ 2 ක් සොයාගෙන තිබෙනවා.
අවුරුදු 40 ක් වයසැති සැකකරු පොකුණුවිට සිරිසුමන මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු හෙට හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
