Gossips

විදෙස් විනිසුරුවන් ගෙන ඒමට රජයේ එකඟත්වයක් නොමැති බව ඇමති කිරිඇල්ල කියයි

2019 අයවැය දෙවන වර කියැවීමේ විවාදය 3 වන දිනටත් අද ක්‍රියාත්මකයි.
පාර්ලිමේන්තුව අද උදෑසන 9.30ට ආරම්භ වූ අතර, එහිදී ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ආණ්ඩු පක්ෂයෙන් විමසීමක් කළා.
ඊට පිළිතුරු ලබාදෙමින් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ කිසිදු ආකාරයකින් ජාත්‍යන්තර විනිශ්චකරුවන් ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව එකඟත්වයක් පළ කර නොමැති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ද ඊට මැදිහත් වෙමින් අදහස් පළ කළා.
මේ අතර, 2019 අයවැය විවාදය අද දිනට ආරම්භ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා පළමුව අදහස් දැක්වීමෙන් අනතුරුව අමාත්‍ය පී. හැරිසන් ද අයවැය සම්බන්ධයෙන් කරුණු දක්වා සිටියා.