Gossips

විදෙස් මුදල් සහ මැණික් තොගයක් සමඟ චීන ජාතිකයෙක් ගුවන් තොටුපළේදී අල්ලයි (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් රැගෙන යාමට උත්සාහ කළ විදේශ මුදල් සහ මැණික් තොගයක් සමඟ චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම 61 හැවිරිදි චීන ජාතිකයා මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වාගෙන යන්නෙකු බවටයි හෙළිව ඇත්තේ.
ඊයේ (27) පස්වරුවේ ඩුබායි බලා යාමට පැමිණි මොහු ළඟ තිබී සොයා ගත් මුදල් සහ මැණික්වල වටිනාකම රුපියල් එක්කෝටි හතලිස් හතර ලක්ෂ 23,000කට අධිකයි.

ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී කපිල