Gossips

විදෙස් මුදල් සහ මත්පැන් සමග තීරුබදු රහිත සාප්පු සේවකයන් 3 ක් දැලේ

කටුනායක ගුවන්තොටුපල තීරු බදු රහිත සාප්පු සංකීර්ණ සේවකයන් 3 දෙනෙකු විදේශ මුදල් සහ විදේශීය මත්පැන් සමග රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ විදේශ මුදල් සහ විදේශ මත්පැන් ගුවන්තොටුපලෙන් පිටකර තම නිවෙස් වෙත රැගෙන යාමට උත්සාහ කිරීමේදීයි.
කාන්තාවක් ද ඇතුලු සැකකරුවන් තුන්දෙනා දෙහිවල, දංඕවිට සහ රුක්ගහවිල ප්‍රදේශවල පදිංචිකරුවන්.
විදෙස් මුදල් තොගය අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබී ඇති අතර ඒවායෙහි වටිනාකම රුපියල් 1,298,757 ක්.
ඔවුන්ගේ ගමන් මලුවල සගවා විදේශීය මත්පැන් බෝතල් 6 ක් රැගෙන යාමට උත්සාහ කර ඇති අතර ඒවායෙහි වටිනාකම රුපියල් 29,034 ක්.
ගුවන්තොටුපල රේගුව වැඩිදුර විමර්ශණ සිදු කරනවා.