රුපියල් 50 ලක්ෂ අටදහස් නවසිය හතළිහක මුදල් තොගයක් ඩුබායි බලා රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඊයේ අත්අඩංගුවට ගත් මොවුන් ලඟ තිබී විදෙස් මුදල් මෙන්ම ශ්‍රී ලංකා රුපියල් ද සොයාගත් බවයි රේගු ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
45 සහ 47 යන වයස්වල පසුවන මොවුන් හලාවත සහ කොළඹ – අලුත් යොන් වීථිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
රේගු භාරයට ගත් මුදල් රාජසන්තක කර ඇති අතර, සැකකරුවන් රේගු ඇප මත මුදාහැර තිබෙනවා.
(ඡායාරූප – කපිල කටුනායක)
