මැතිවරණය නිරික්ෂණය කිරිමට මෙරටට පැමිණි විදේශීය නිරික්ෂකයින් 10 දෙනෙකු අද දිස්ත්රික්ක කිහිපයක් වෙත පිටත්ව ගොස් තිබෙනවා.
මැතිවරණ කොමිසන් සභාවේ ආරධනයකට අනුව මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ ඉන්දීයාව, මාලදිවයින, දකුණු කොරියාව සහ ඉන්දුනිසියාව යන රටවල් නියෝජනය කරන නිරීක්ෂකයින් පිරිසක්.
ඔවුන් ලබන 11 වනදා මැතිවරණය සම්බන්ධයෙන් සකස් කල වාර්තාව මැතිවරණ කොමිසන් සභාව වෙත ලබා දිමට නියමිතව තිබෙනවා.